Total Pageviews

Thursday, August 17, 2017

ඥාණකතා







ඥාණකතා






අවශ්‍ය ද්‍රව්‍ය 


  • සීනි 100 g 
  • බිත්තර 1 
  • කේක් පිටි 150 g (හෝ පාන් පිටි 150+ බේ/පවුඩර් තේ හැදි 1 ½ ) 
  • බටර් 75 g 
  • කිරිපිටි පවුඩර් 50 g 
  • වැනිලා තේ හැදි 1 



සාදන ක්‍රමය


බටර් සහ සීනි දියවනතුරු බීට් කරන්න. 

පසුව බිත්තරය සහ වැනිලා එකතු කර නැවත බීට් කරන්න. 

කිරිපිටි පවුඩර් සහ පිටි එකට කලවම් කර බිත්තර මිශ්‍රණයට දාල පැතලි හැන්දකින් කලවම් කරන්න. ගුලි කරාම අතේ ඇලෙන්නෙ නැතුව තියෙන පදමට එන්න ඕනෙ. 

දැන් පොඩි බෝල හදල අත්ලඋඩ තියල වටේට තුනී කරන්න. බිස්කට් එකේ මැද උඩට පිම්බිලා තියෙන විදියට තියෙන්න ඕනෙ. පින්තූරෙ බැලුවම පැහැදිලි වෙයි. 





දැන් තුනී කරගත් පිටි රවුම් උඩින් වතුර ගාල සීනි ඉහින්න. බටර් ගාගත් තැටියක තබා අංශක 180 උෂ්ණතවයේ විනාඩි 20 ක් බේක් කරන්න. 

මම ටිකක් රන්වන් පාට වෙනකන් විනාඩි 20 ට අමතරව තවත් විනාඩි 5 ක් බේක් කරා.

Sunday, August 13, 2017

සොසේජ් බන්




Sinhala Recipe:-

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිට් 600 g 
බටර් හෝ මාජරින් 100g
සීනි මේස හැදි 2
බිත්තර 2
මද රස්නය ඇති කිරි 200 ml
යීස්ට් මේස හැදි1 1/2
ලුනු තේ හැදි 2
(බටර් සහ බිත්තර කාමර උෂ්ණත්වයේ තිබිය යුතුයි)

සාදන ක්‍රමය
* ලොකු භාජනයකට කිරි දියර හැර අනෙක් සියල්ල දමා කලවම් කරන්න.

* දැන් කිරි ටික ටික එකතු කරමින් අනන්න. වතුර එකතු කරන්න එපා. කිරි පමණක් එකතු කරන්න. මේ පිටි ඩෝ එක අඩුම තරමෙ විනාඩි 20 ක් අනන්න ඕන. පසුව තෙත රෙදි කෑල්ලකින් වහල තියන්න. පැය 1 ½ ක් විතර යනකොට ඩෝ එක පිපිල දෙගුණයක් වෙනවා. මතක තියාගන්න ඩෝ එක අනන තරමට තමයි බනිස් සොෆ්ට් වෙන්නෙ ඒ වගේම හොදට පිපිල එන්නෙ.

*  පිටි මෝලිය හොදින් පිපුනට පස්සේ නැවත විනාඩි 5 ක් විතර අතින් අනල  පොඩි බෝල වලට වෙන් කරන්න.

*  වෙන් කර ගත් බෝල පිටි ඉසගත් ලෑල්ලක තුනී කර එක් කොනක සිට අනෙක් කොනට රෝල් කරගෙන යන්න ස්විස් රෝල් කේක් එක රෝල් කරනව වගේ. 

* දැන් බේකින් ට්‍රේ එකට බටර් ටිකක් ගාල මේ හදාගත්ත බනිස් එකිනෙකට ටිකක් පරතරය හිටින විදියට තියන්න. නැවත තෙත රෙදි කෑල්ලකින් වහල පිටි බෝල දෙගුණයක් වෙනකම්ම තියන්න.

* මේ විදියට හදාගත්ත බනිස් වර්ග තුනේම උඩින් බ්‍රෂ් එකකින් බිත්තර කහමද සහ කිරි දියර එකට කලවම් කරල ගාන්න. කලින් රත් කරන ලද අවන් එකේ සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 15 – 20 ක් අතර කාලයක් බේක් කරන්න. අවන් එකේ සහ බනිස්එක හදන පිටි බෝලවල  ප්‍රමාණය අනුව කාලය වෙනස් වෙනවා.
බේක් කරනලද බනිස් උඩින් දියකරගත් බටර් ගෑවම ගොඩක් රසයි වගේම ලස්සන ෂයින් එකක් එනවා.

*  බේක් කරගත් බන් ටික වෙලාවක් නිවෙන්න තියල බනිස්වල උඩින් හරි මැදින් පොඩි කොටසක් කපල අයින් කරන්න.  ඒ අයින් කරන ලද තැනට බැදගත් සොසේජ් කරල කෑලි කපල තියන්න.  ඇස් සදහා කරාබුනැටි පාවිච්චි කරන්න.  සොසේජස් පිටුපස ලූනු පෙති, තක්කාලි පෙති සහ සලාද කොලයක් තියල කාර් එක සරස ගන්න. කාර් එකේ  රෝද සදහා සොසේජස් පෙති කපා ටූත්පික්වලින් රදවා ගන්න.

*  තමන්ගෙ නිර්මාණශීලීත්වය අනුව මේ බනිස් වෙනත් ක්‍රම වලටත් හදාගන්න පුලුවන්.  පොඩි බබාලගේ උපන්දින සාදවලට ගොඩක්ම ගැළපෙන නිසා පොඩි අදහසක් දීමට තමයි මම උත්සහ කළේ.



[English Recipe: coming soon]


- Wasana Mayadunne @rasarasoi

Wednesday, July 19, 2017

Mango Swiss Roll




There is no better way to celebrate the prevailing Alphonso mango season than with ripe and juicy mangoes turned into mouth-watering, sponge-soft Swiss rolls. It's a definite must for a mango-lover to try out this delicious treat before this season gets over, and to make this, you will need:
[please scroll down for the Sinhala recipe]
Ingredients:


For the egg-yolk batter:
  • 3 egg yolks
  • 1 1/2 tbsp sugar
  • 1/4 tsp salt
  • 50g vegetable oil
  • 2 tbsp mango pulp
  • 70g flour
  • 1/2 tsp baking powder
  • 1/4 tsp baking soda
  • 1/2 tbsp milk powder


[To make the mango pulp:
Peel the mango and remove the seed.
Blend it without any water and your pulp is ready!]

For the meringue batter:
  • 3 egg whites
  • 1/4 tsp cream of Tartar
  • 60g sugar


For the filling:
  • 1/4 cup cream cheese
  • 1/4 cup whipped cream
  • 1/4 cup icing sugar
  • 1 tsp vanilla
  • 2 tbsp mango pulp






How to:

  • Sift the baking soda, baking powder, milk powder and flour. 
  • Whisk the eggs, sugar, salt, vegetable oil and mango pulp together. Make sure the batter turns out smooth.
  • Now add the flour mixture into this batter.
  • Take another dry bowl and beat the egg whites till they form stiff peaks. Add the cream of Tartar and sugar while beating.
  • Pour tiny bits of the egg white batter into the egg yolk batter and fold it lightly with a flat spatula while doing so.
  • Grace the parchment paper with butter and lay it out on a baking tray. Pour the batter into the tray and bake it for 20 minutes at 160 degrees C.
  • Once it's baked, roll it up in the baking paper and let it cool.


For the filling:
  • Add whipped cream and icing sugar into one bowl and beat it.
  • Now add the vanilla into it.
  • Beat it till it forms soft peaks.
  • Add the cream cheese into it and beat it for 1 minute at low speed.
  • Now keep it in the fridge for around 1/2 an hour.
  • Un-roll the cake we had baked earlier and apply the icing on top of it. Roll it up once again and squeeze the ends of the paper to tighten it up.
  • Let it cool for half an hour in the fridge.
  • Your Mango Swiss Roll is now ready to be served!





Sinhala Recipe:

බිත්තර කහමද මිශ්‍රණය සදහා,
  • බිත්තර කහමද 3
  • සීනි මේස හැදි 1 1/2 
  • ලුනුකුඩු තේ හැදි 1/4
  • එළවලු තෙල් ග්‍රෑම් 50
  • නැවුම් අඹ පල්ප් මේස හැදි 2
  • පිටි ග්‍රෑම් 70
  • බේ/පවුඩර් තේ හැදි 1/2
  • බේ/සෝඩා තේ හැදි 1/4
  • පිටි කිරි (milk powder) මේස හැදි 1/2



සුදු මද මිශ්‍රණය සදහා,
  • බිත්තර සුදුමද 3
  • ක්‍රීම් ඔෆ් ටාටා තේ හැදි 1/4
  • සීනි ග්‍රෑම් 60


මැදට දාන ක්‍රීම් එක සදහා,
  • ක්‍රීම්චීස් කෝප්ප 1/4
  • විප් ක්‍රීම් කොප්ප 1/4
  • අයිසිං සීනි කෝප්ප 1/4
  • වැනිලා තේ හැදි 1
  • අඹ පල්ප් මේස හැදි 2


කහමද මිශ්‍රණය,
  • පිටි, බේ/පවුඩර්, බේ/සෝඩා සහ පිටි කිරි (milk powder) එකට කලවම් කර දෙවරක් හලා ගන්න්න.
  • බිත්තර, සීනි, ලුනු, එළවලු තෙල් සහ අඹ පල්ප් එකට දමා විස්ක් කරන්න. 
  • දැන් හලාගත් පිටි දමා කලවම් කරන්න.

සුදු මද මිශ්‍රණය,

  • වියළි බාජනයකට බිත්තර සුදුමද දමා බීට් කරන්න. ක්‍රීම් ඔෆ් ටාටා සහ සීනි වරින් වර දමමින් හිම වගේ එනතෙක් බීට් කරන්න.
  • දැන් කමහද සහ සුදුමද මිශ්‍රණ දෙක එකට දාල පැතලි හැන්දකින් අතහෙමින් කලවම් කරන්න.
  • බටර්පේපපර් දමාගත් බේකින් තැටියකට මිශ්‍රණය දාල වතුර දමාගත් ලොකු ට්‍රේ එකක් ඇතුලට දාල අංශක 160 උෂ්ණත්වයේ විනාඩි 20 ක් බේක් කරන්න.
  • මැද මිශ්‍රණය,
  • විප්ක්‍රීම් සහ අයිසිං සීනි දමා බීට් කරන්න. වැනිලා එකතු කරන්න. එයටම ක්‍රීම් චීස් දමා නැවත විනාඩියක් පමණ බීට් කරන්න. දැන් අඹ පල්ප් එකතු කර ලී හැන්දකින් කලවම් කර ශිතකරණයේ තියන්න.
  • කේක් එක බේක් වුණාට පසුව රෝල් කර නිවෙන්න තියන්න.
  • නිවුන පසුව මැද මිශ්‍රණය දාල නැවත රෝල් කර ශීතකරණයේ පැය 5 ක් පමණ තබා කෑමට ගන්න.




- Wasana Mayadunne @rasarasoi


Tuesday, July 11, 2017

Bread Kottu




Make the best of left over bread with this mouth watering spicy dish of bread-kottu. Not only is it a fulfilling meal but since it's made out of bread, it gives an experience of what kottu would taste like to the people who aren't familiar with it.


How to: 
Cut the bread as well as the potatoes, tomatoes, red, yellow and green bell-pepper, carrot, chicken and sausages into small square shapes.
Pour some oil into a hot pan and add the chicken into it so that it fries a little. While the chicken is frying, add the potatoes. Now add the chopped garlic and onions as well as the rest of our vegetables and sausages. 
Add pepper, chili flakes, turmeric, garam masala, soya sauce, chili tomato sauce, lemon juice and salt to taste. Mix everything well. Now add the bread into the mixture. Mix it for 2-3 minutes in the pan. 
Once everything is cooked, sprinkle some grated cheese and chopped coriander leaves and decorate it with boiled eggs in whichever way you desire.
Your meal is now ready, enjoy!

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පෙති කීපයක් අරගෙන පොඩි කොටු කෑලි කපන්න.
සොසේජස් සහ චිකන් පොඩි කොටු කෑලි කපන්න.
කැරට්, අල, රතු කහ කොල කැප්සිකම්, තක්කාලි ගෙඩියක්, මේ සියල්ල කොටු කෑලි කපාගන්න.

සාදන ක්‍රමය
ලොකු පෑන් එකකට තෙල් ටිකක් දාල මුලින්ම චිකන් සහ අල කෑලි ටික බැදෙන්න දාන්න. තෙල් ගොඩක් දාන්න එපා යන්තම් දාන්න. 
චිකන් කෑලි බැදුනම සොසේජස් බැදෙන්න දාන්න. එයටම තලාගත් සුදුලූනු සහ කොටු කෑලි කපාගත් බී ලූනු ටිකක් බැදෙන්න දාන්න. 
ඉතිරි සියලුම එළවලු දමා තෙම්පරාදු කරගන්න. 
ගම්මිරිස්, කෑලි මිරිස්, ලුනු, කහ, ගරම්මසාලා, සෝයා සෝස්, චිලිටොමැටෝ සෝස් සහ දෙහි ගෙඩියක යුෂ දාල කලවම් කරන්න. මෙය හොදින් තෙම්පරාදු වුණාම කපාගත් පාන් කෑලි දාල කලවම් කරන්න. විනාඩි 2-3 ක් ලිපේ තියල බාන්න. උඩින් ග්‍රේට් කරගත් චීස් ටිකක්, කො/මල්ලි කොල සහ තම්බා කෑලි කපාගත් බිත්තර දාල කලවම් කර කෑමට ගන්න. 
මම බිත්තර කහමදය කඩන්නෙ නැතුව එහෙමම දැම්ම කෑලි කැඩුනම සම්පූර්ණයෙන්ම කොත්තුව හැමතැනම කහපාට වෙන නිසා.



- Wasana Mayadunne @rasarasoi

Friday, July 7, 2017

Milky Giraffe Print Loaf




Happy Chocolate day! Celebrate this day in a less common way by baking yourself a loaf of giraffe print bread, layered with a generous amount of delicious Nutella. 



Ingredients:


  • Flour - 300g
  • Butter or Margarine - 50g
  • Sugar - 1 tbsp
  • Egg (optional) - 1
  • Fresh Milk - lukewarm
  • Yeast - 1 tbsp
  • Salt - 1 tsp



How to:


  • Add all the ingredients (except the milk) into a bowl and mix it well. Pour tiny amounts of milk into the dough while kneading it. Knead the dough for at least 20 minutes.
  • Once that's done, cover the dough with a wet kitchen towel till the dough becomes double it's size.
  • Now deflate the dough by kneading it a little.
  • Now divide the dough into two portions. Let one portion be smaller than the other, as the bigger portion will be the spots.
  • Add cocoa powder into the bigger portion. If it appears to be dry (because of the cocoa powder), add some milk. Divide each dough into 8 portions.
  • Roll out the brown dough with a rolling pin till it is thin.
  • Once that's done, roll it up from one corner to the other like a Swiss roll.






  • Roll out the white dough as well. Place the brown dough roll in the middle of the white dough and roll it up over it so that the white dough is covering the brown dough.
  • Do the same with the left over portions.
  • Place these rolls in a loaf tin and cover it with a wet kitchen towel. Let it be till it peaks to double it's size.



Image may contain: food


  • Now bake it for 30 minutes at 180 degrees C
  • Once your bread is properly baked, it is ready to be cut into slices and served!






අවශ්‍ය ද්‍රව්‍ය


  • පාන් පිට් 300 g 
  • බටර් හෝ මාජරින් 50g 
  • සීනි මේස හැදි 1 
  • බිත්තර 1 
  • පිටි ඇනීම සදහා ෆ්‍රෙෂ් මිල්ක් (මද රශ්ණයෙන් තිබිය යුතුයි) 
  • යීස්ට් මේස හැදි1 
  • ලුනු තේ හැදි 1
  • (බටර් සහ බිත්තර කාමර උෂ්ණත්වයේ තිබිය යුතුයි)




සාදන ආකාරය


  • ලොකු භාජනයකට කිරි දියර හැර අනෙක් සියල්ල දමා කලවම් කරන්න. දැන් කිරි ටික ටික එකතු කරමින් අනන්න. වතුර එකතු කරන්න එපා. කිරි පමණක් එකතු කරන්න. 
  • මේ පිටි ඩෝ එක අඩුම තරමෙ විනාඩි 20 ක් අනන්න ඕන. පසුව තෙත රෙදි කෑල්ලකින් වහල තියන්න. පැයක් විතර යනකොට ඩෝ එක පිපිල දෙගුණයකටත් වඩා වෙනවා. මතක තියාගන්න ඩෝ එක අනන තරමට තමයි පාන් සොෆ්ට් වෙන්නෙ ඒ වගේම හොදට පිපිල එන්නෙ. 
  • පිටි මෝලිය හොදින් පිපුනට පස්සේ නැවත විනාඩි 5 ක් විතර අතින් අනල ඩෝ එකෙන් 1/2 ට ටිකක් අඩු ප්‍රමාණයක් අයින් කරල පැත්තකින් තියන්න. 
  • වැඩියෙන් වෙන් කළ කොටසට කොකෝ පවුඩර් ටිකක් දාල අනන්න. වියලි ගතිය වැඩිී කියල හිතෙනව නම් කිරි ටිකක් එකතු කරන්න. 
  • මුලින්ම කොකෝ පවුඩර් දැම්ම කොටස කෑලි 8 කට බෙදාගන්න. 
  • සුදු පාට කොටසත් කෑලි 8 කට බෙදාගන්න. 
  • දුඹුරුපාට එක් කොටසක් ගෙන තුනී කර එක් කොනක සිට අනෙක් කොනට රෝල් කරන්න. 
  • දැන් සුදු එකෙන් එක් කොටසක් ගෙන තුනී කර රෝල්කර ගත් දුඹුරු කොටස ඊට උඩින් තියල දුඹුරු කොටස නොපෙනෙන විදියට කවර් කරමින් රෝල් කරන්න.
  • මේ විදියට ඉතිරි සියල්ලම කරල බටර් ගාගත් පාන් ටින් එකක අතුරා නැවත දෙගුණයක් වනතෙක් පිපෙන්න තියන්න.
  • 180 උෂ්ණත්වයේ පැය 1/2 ක් බේක් කරන්න. 








- Wasana Mayadunne @rasarasoi


Hot Chocolate Fudge



The warmth of the crunchy chocolate fudge combined with the sweet taste of chunky bits of chocolate melts in your mouth like a wonderful delight. While the top and the bottom of the fudge crunches between your teeth, the thick chocolate inside the fudge pairs with it to make the perfectly unique dessert for a quiet evening with a cup of tea or coffee.


Ingredients:

  • Dark chocolate - 150g
  • Sugar - 125g
  • Flour - 125g
  • Baking Powder - 2tsp
  • Baking soda - 1 tsp
  • Cocoa Powder - 50g
  • Sweet chocolate - 150g
  • Eggs - 3
  • Butter - 125g
  • Vanilla - 2tsp


How to:


  • Microwave the butter and the dark chocolate for 1 minute. 
  • Take all the dry ingredients (i.e flour, cocoa powder, baking soda and baking powder) and sift them twice.
  • Beat the egg and sugar together. Pour the chocolate we had melted earlier into this beaten mixture.
  • Once that's done, add the sifted dry ingredients into it as well, and mix it well.

  • Chop sweet chocolate (100g) and add it into the batter and fold it well with a spatula (the rest 50g of chocolate is for the decoration).
  • Grace the butter paper with butter and lay it out on a baking tray.
  • Pour the batter into the tray and bake it for 180 degrees, for 25 minutes.



For decoration:

  • Microwave the whipped cream (1 cup) and dark chocolate (75g) for 1 minute.
  • While it's hot, pour it on top of the baked fudge.
  • For garnishing, scrape/chop the left over 50g of sweet chocolate and decorate it to your desires.
You chocolate fudge is now ready to be eaten while it's still warm!


Sinhala Recipe:

අවශ්‍ය ද්‍රව්‍ය


  • ඩාක් චොකලට් ග්‍රෑම්150 
  • සිනි ග්‍රෑම් 125 
  • පිටි ග්‍රෑම් 125 
  • බේ/පවුඩර් තේ හැදි 2 
  • බේ/සෝඩා තේ හැදි 1 
  • කොකෝ පවුඩර් ග්‍රෑම් 50 
  • ස්වීට් චොක්ලට් ග්‍රෑම් 150 
  • බිත්තර 3 
  • බටර් ග්‍රෑම් 125 
  • වැනිලා එසන්ස් තේ හැදි 2


සාදන ක්‍රමය 



  • බටර් සහ ඩාක් චොක්ලට් එකට දමා ඩබල් බොයිල් හෝ මයික්‍රොවේව් විනාඩියක් දාල නිවෙන්න තියන්න. 
  • පිටි, කොකෝ පවුඩර්, බේ/සෝඩා සහ බේ/පවුඩර් එකට දමා දෙවරක් හලාගන්න. 
  • බිත්තර සහ සීනි දිය වනතුරු බීට් කරන්න. බිත්තර මිශ්‍රණයට දියකරගත් චොකලට් දාන්න. 
  • දැන් හලාගත් පිටි, බීට්කරගත් බිත්තර සහ දියකගත් චොකලට් එකට දමා විනාඩියක් පමණ බීට් කරන්න. 
  • ස්වීට් චොකලට් එකෙන් ග්‍රෑම් 100ක් චොප් කරල ඉහත කේක් මිශ්‍රණයට එකතු කරන්න. ඉතිරිය සැරසීම සදහා තියන්න. 
  • බටර් පේපර් දාගත් බේකින් ට්‍රේ එකට කේක් බැටර් එක දාල අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 25 ක් බේක් කරන්න. 



සැරසීම සදහා:-

  • විප්ක්‍රීම් හෝ ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1 ක් සහ ඩාක් චොකලට් ග්‍රෑම් 75 ක් එකට දමා ඩබල් බොයිල් හෝ මයික්‍රොවේව් විනාඩියක් දාල හොදින් දිය කරල උණුවෙන්ම කේක් එක උඩින් වක්කරන්න. 
  • කලින් ඉතිරි කරගත් චොකලට් ටික ග්‍රේට් කරල උඩින් විසිරිලා යන්න දාන්න. 
  • උණුවෙන්ම කෑලි කපල කෑමට ගන්න. කාලම බලන්නකො රස කොහොමද කියල මයින්ඩ් බ්ලොයින්ඩ් නේද? 
- Wasana Mayadunne @rasarasoi

Wednesday, July 5, 2017

Banana Cake




Most of us are lovers of bananas and chocolates, so here's some good news for those, because this cake is all about the rich taste of ripe bananas, coated with sweet and delicious chocolate on top to make a wonderful and mouthwatering dessert!
[Please scroll down for the English recipe]


අවශ්‍ය ද්‍රව්‍ය
  • හොදින් ඉදුනු කෙසෙල් ග්‍රෑම් 250
  • බිත්තර 5 (කහ මද සහ සුදු මද වෙන් කර ගන්න)
  • එළවලු තෙල් 60 g
  • කේක් පිටි ග්‍රෑම් 140 (self raising flour)
  • බේ/සෝඩා තේ හැදි 1/4
  • බේ/පවුඩර් තේ හැදි 1/4
  • ලුනු තේ හැදි 1/2
  • සීනි ග්‍රෑම් 100
  • ක්‍රීම් ඔෆ්ටාටා තේ හැදි 1/2

චොකලට් මිශ්‍රණය සදහා-
  • ඩාක් චොකලට් ග්‍රෑම් 100
  • ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4
  • අයිසිං සීනි මේස හැදි 3


සාදන ආකාරය

  • පිටි, බේ/පවුඩර්, බේ/සෝඩා සහ ලුනු දෙවරක් හලාගන්න.
  • කෙසෙල් ගෙඩිවලට මැද නාරටිය වගේ කොටස අයින් කරල ඉතිරි ටික කෑලි නැතිවෙන්නම හැන්දකින් පොඩි කරල ගන්න.
  • දැන් කෙසෙල් සහ පිටි මිශ්‍රණයට එකට කලවම් කර බිත්තර කහමද එකින් එක දමා විස්ක් කරන්න.
  • තෙල් ටික මදක් උණු කර මෙම මිශ්‍රණයටම දමා හොදින් විස්ක් කරන්න.

  • වෙනත් වියළි පිරිසිදු බාජනයකට බිත්තර සුදුමද සහ ක්‍රීම් ඔෆ්ටාටා දමා විනාඩි 2 ක් විතර බීට් කරන්න.
  • දැන් සීනි ටික ටික දමමින් නොනවත්වාම බීට් කරන්න. 
  • මෙම සුදුමද මිශ්‍රණය පින්තූරයේ පෙන්නා ඇති තරමට එනතෙක් බීට් විය යුතුයි.

  • දැන් පිටි මිශ්‍රණයට සුදුමද මිශ්‍රණයෙන් ටික ටික එකතු කරමින් පැතලි හැන්දකින් අතහෙමින් කවලම් කරන්න.
  • මේ කේක් එක බේක් කරන්න මම ගත්තෙ 20 සෙ.මී. ටියුබ් ට්‍රේ එකක්. ට්‍රේ එකට බටර් තවරාගත් බේකින් පේපර් දමා කේක් මිශ්‍රණය දාන්න.

  • අංශක 160 උෂ්ණත්වයේ පැයකුත් විනාඩි 30 ක් බේක් කරන්න.
  • චොකලට් මිශ්‍රණය සදහා,
  • ඩාක් චොකලට් පොඩි කෑලි කපාගන්න.
  • එයට ෆ්‍රෙෂ් ක්‍රීම් දමා ඩබල්බොයිල් හෝ මයික්‍රොවේව් විනාඩියක් දමා දියකරගන්න.
  • පසුව අයිසිං එකතු කර කලවම් කරන්න.
  • බේක් වු කේක් එක උඩින් මෙය දමා ශීතකරණයේ විනාඩි 15 ක් විතර තබා පෙති කපා කැමට ගන්න.


Ingredients:
  • Ripe bananas - 250 g
  • Self raising flour - 140g
  • Baking soda - 1/4tsp
  • Baking powder - 1/4 tsp
  • Salt - ½ tsp
  • Sugar - 100g
  • Vegetable oil - 60g
  • Eggs - 5 (separate the white and the yolk)
  • Cream of tartar - ½ tsp


How to:

  • Swift the flour, baking powder and baking soda twice.
  • Mash the bananas.
  • Mix the flour and mashed bananas. Now, add the eggs one by one into the mixtue and whisk well.
  • Heat the oil and mix it into egg mixture.
  • Now take another clean bowl and add the egg whites and the cream of tartar. Beat for 2mins
  • Then add the sugar little by little while beating the egg white mixture till it forms stiff peaks.
  • Now fold the egg yolk batter and the egg white mixture lightly together with a spatula.
  • Grace the pan with butter paper and pour the cake mixture into it. 
  • Bake the cake for one and half hour at 160 centigrade.

For the chocolate ganache:-
  • Dark chocolate - 100 g
  • Fresh cream - ¼ cup
  • Icing sugar - 3 tbsp
  • Chop the chocolate and mix it with fresh cream. Heat it for 1 minute in the microwave. After the chocolate melts, add the icing sugar. Mix it well. Now pour it on top of the cake and it keep in the fridge for 15mins . 
Now your yummy banana cake is ready to be eaten! 



- Wasana Mayadunne @rasarasoi

Monday, July 3, 2017

Milkmaid Watalappan ( without Jaggery)



වටලප්පන් හදන්න හකුරු තමයි සාමාන්‍යෙයන් දාන්නෙ.  ලංකාවෙ හකුරු සොයාගන්න පුලුවන් වුණත් පිටරටවල ඉන්න අයට ගොඩක් අපහසුයි සොයා ගන්න.  ඒ නිසා එයට පිළියමක් විදියට හකුරු වෙනුවට සීනි සහ මිල්ක්මේඩ් යොදා ගෙන තමයි මේ වටලප්පම් හදල තියෙන්නෙ. 

Normally, watalappan is made using jaggery as a prime ingredient. However, it's not possible for it to be available everywhere. Therefore this recipe is about making the same watalappan by replacing jaggery with Milkmaid(sweet condensed milk) and sugar.
[Scroll down for the English recipe]



අවශ්‍ය ද්‍රව්‍ය
  • පොඩි මිල්ක්මේඩ් ටින් 1
  • දුඹුරු සීනි 250 g
  • බිත්තර 7
  • කුරුදු, එන්සල්, සාදික්කා කුඩු තේ හැදි ½ බැගින්
  • ලුනු තේ හැදි ½
  • කෑලි කජු (අවශ්‍ය නම් පමණක්)
  • වැනිලා තේ හැදි


සාදන ක්‍රමය
  • සීනිවලට වතුර කෝප්ප ½ ක් දාල රන්වන් පාට එනතෙක් කැරමල් කර නිවෙන්න තියන්න.
  • භාජනයකට බිත්තර දමා විනාඩි 4-5 ක් බීට් කරන්න.
  • එයට මිල්ක්මේඩ් සහ ඒ ටින් එකෙන් වතුර ටින් 1 ක් දමා නැවත අඩුම ස්පීඩ් එකෙන් විනාඩි 2 ක් පමණ බීට් කරන්න.
  • දැන් ඉතිරි සියල්ල දමා නැවත විනාඩියක් බීට් කරන්න. කජු දමා කලවම් කරන්න.
  • පුඩින් බෝල් එකට බටර් ගා ඉහත මිශ්‍රණය දමා ෆොයිල් පේපර් වලින් පුඩින් එක කවර් කරල විනාඩි 45 ක් පමණ ස්ටීම් කරන්න.
  • අවන් එකේ බේක් කරනව නම් පුඩින් බෝල් එකට වඩා ලොකු ට්‍රේ එකකට වතුර දමා එය ඇතුලෙන් පුඩින් බෝල් එක තියල අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 45 ක් - පැයක් අතර වේලාවක් බේක් කරන්න. පුඩින් බාජනය වහන්න අවශ්‍ය නෑ. 



Ingredients
  • Small milkmaid 1 tin
  • Brown sugar 250g
  • Vanilla essence 2tsp
  • Cardamom powder ½ tsp
  • Nutmeg powder ½ tsp
  • Cinnamon powder ½ tsp
  • Salt ½ tsp
  • 7 eggs
  • Chopped cashew nuts ½ cup



How to:

  • To make the caramel, melt the sugar with half a cup of water.
  • Keep it on the stove ‘til it adapts a brownish-golden colour and then let it cool for a while.

  • Now take a deep bowl, crack the eggs into it and beat it for 4-5 minutes.
  • Add the milkmaid and add 1 tin of water (use the same milkmaid tin for the water) and beat it slowly for around 2 minutes.
  • Now add the rest of the ingredients as well as the caramel we made earlier. Beat it slowly for 1 minute.
  •  Take the pudding bowl in which you will steam the watalappan and grace it with butter so that the mixture doesn’t stick.
  • Strain the mixture into the pudding bowl, cover the top with a foil and steam it for 45 minutes on high flame. OR If you’re baking it, bake it for 45-60 minutes on 180C°.
  • Place the bowl on big tray with water, without covering the bowl.
  • Once it is steamed/baked, let it cool before keeping it in the refrigerator for 5-6 hours.
  • After it is done, take it out into normal room temperature and flip it upside down. Garnish it with cashew nuts or anything else of your preference. Cut it into pieces and it’s ready to be served. Enjoy!

- Wasana Mayadunne @rasarasoi

Chilli sauce







අවශ්‍ය ද්‍රව්‍ය

  • රතු අමු මිරිස් 500 g
  • බී ලූනු 250 g
  • සුදුලූනු 50 g
  • ඉගුරු කෑල්ලක් විනාකිරි මේස හැදි 2










සාදන ආකාරය

  • ලුනු සහ සීනි මිරිස්, ලූනු, සුදුලූනු සහ ඉගුරු පොඩියට කපා බාජනයකට දාල එක වැහෙන්නම උඩටම වතුර දාල ලිපේ තියන්න. අඩුම ගින්දරේ තම්බගන්න.
  • වතුර කෝප්ප 1 ක් ඉතුරුවෙන තරමට හින්දව ගන්න. දැන් නිවෙන්න තියල ග්‍රයින්ඩ් කරන්න.
  • පසුව එය පෙරාගෙන බාජනයකට දාල නැවත ලිපේ තියන්න. මෙයට ලුනු සහ සීනි අවශ්‍ය පදමට රස බලල දාන්න. මිරිස්වල සැර අඩුවෙන්න ලුනු සහ සීනි පදමට තිබිය යුතුයි.
  • දැන් මෙය උකුවෙනතුරු හැදිගාන්න. සෝස් එක උකුවට ආවම විනාකිරි කලවම් කර ලිප නිවන්න.
  • මෙය හොදින් නිවුණ පසුව ජීවානුහරනය කරගත් බෝතලයකට දාල වහල තියන්න.
  • බෝතල් ජීවානුහරණය කරන්නෙ මෙහෙමයි, ලොකු භාජනයකට සෝදා පිරිසිදු කරගත් වීදුරු බෝතලය දාල ඒක වැහෙන්නම වතුර දාන්න. දැන් මෙය විනාඩි 5 ක් පමණ හොදට නටන වතුරෙ රත්වෙමින් තියන්න. පසුව ඉවතට ගෙන වතුර බේරා සෝස් දමා මූඩිය තද කරවහන්න.







Ingredients:


  • Raw red chili - 500g
  • Onion - 250g
  • Garlic - 50g
  • Ginger - one small piece
  • Vinegar - 2tbsp
  • Salt to taste

How to:
  • Mix all the ingredients (except vinegar) together.
  • Pour some water till the ingredients get covered.
  • Cook it in low flame till the remaining water is around 1 cup.
  • Let it cool before grinding it.
  • Then strain it.
  • Keep the chili puree in low flame.
  • Add some sugar to lessen the spiciness.
  • Stir the mix till it turns into a thick puree
  • Now add the vinegar. Switch off the flame.
  • Pour it into a jar for preservation.

- Wasana Mayadunne @rasarasoi