Total Pageviews

Monday, July 3, 2017

Pancake with Cheesy Smoked Chicken




අපි නිතරම උත්සහ කරන්න ඕනෙ කෑමක් හදනවිට ඒ කෑම බුක්තිවිදින අයව පුදුමයට පත්වෙන විදියට හදන්න. ඒ නිසා නිතර හදන පෑන් කේක් එක ටිකක් වෙනස් විදියට හදල මම හදල තියෙන්නෙ.  බැලු බැල්මට මල්වැටිච්ච චීත්ත රෙද්දක් වගේ නේද? ඕනෑම මෝස්තරයක් දාන්න පුලුවන් තමන්ගෙ කැමැත්ත අනුව.  මම තෝර ගත්තෙ මල් මෝස්තරයක්.

 
අවශ්‍ය ද්‍රව්‍ය 

  • බිත්තර 5
  • ෆ්‍රෙෂ්මිල්ක් කෝප්ප 2
  • පාන් පිටි කෝප්ප 3 (ප්‍රමාණය මනින්න මෙෂරින් කප් නැති නම් පීරිසි කෝප්පයකින් 1 ක් ගානෙ කප් 3 ක් මැනගන්න)
  • බේකින් පවුඩර් මේස හැදි 1
  • බටර් මේස හැදි 6
  • ලුනු කුඩු තේ හැදි 1




සාදන ආකාරය


  • බිත්තර බීට් කර එයට කිරි ද එකතු කර ගන්න.
  • බේකින් පවුඩර්, පිටි, ලුණු කුඩු එකතු කර බිත්තර මිශ්‍රණයට දමා හොදින් කලවම් කරන්න.
  • බටර් දියකර නිවා පිටි මිශ්‍රණයට එකතු කරන්න.
  • දැන් පැය 1/2ක් පමන පිපෙන්න තබන්න.
  • පෑන්කේක් බැටර් එකෙන් මේස හැදි 2 ක් වෙන් කර රතුපාට කලරිං බිංදුවක් දාල කලවම් කර පොඩි පයිපින් බෑග් එකකට දාන්න.
  • පොඩි කප් දෙකකට බැටර් එකෙන් මේස හැදි එක බැගින් දමා කොලපාට සහ කලුපාට කලරිං බිංදුවටකටත් අඩු ප්‍රමාණයක් දාල කලවම් කර පාට දෙක වෙන් වශයෙන් පයිපින් බෑග් දෙකකට දාන්න.
  • නොන්ස්ටිකි පෑන් එකක් ලිපේ තියල යන්තම් බටර් ටිකක් තවරල පෑන්කේක් හදාගන්න. දෙපැත්තම පුලුස්සන්න එපා. එක පැත්තක් විතරක් පුලුස්ස ගන්න.
  • දැන් පෑන්කේක් නිවෙන්න කලින් පුලුස්සා නොගත් පැත්තෙ කලරිං දමාගත් බැටර් එකෙන් තමන් කැමති මල් හෝ වෙනත් මෝස්තරයක් තැනින් තැන ඇදගන්න. වැඩි වෙලා යන්නෙ නෑ එකක් දෙකක් කරනකොට අත ඉක්මන් වෙනවා.
  • මේ විදියට මෝස්තර ඇදගත් පෑන් කේක් එක අඩුම ගින්දරේ නැවත පෑන් එකට දාල රත් කරගන්න.
  • මල් මෝස්තර දැමූ පැත්තද දමා යන්තම් රත් කරගන්න. රත්කරනකොට මෝස්තරවලට කිසිම හානියක් වෙන්නෙ නෑ. ඒව අපි ඇදපු විදියටම වෙනස් නොවී තියෙනවා.
  • දැන් තමන් කැමති පිරවුමක් දාල මෝස්තර පැත්ත උඩට හිටින විදියට රෝල් කරන්න.
  • ඔයාලට කැමති නම් පැණිපොල් දාල හදාගන්න. මමපෑන්කේක් කන්න චීස් දැමූ ස්මෝක් චිකන් හැදුවා. (දුම්ගසා සකස් කරනල ලද කුකුල් මස්)



ස්මෝක් කරන ලද චික්න සුපර්මාර්කට් එකෙන් මම ගත්තේ.
ඒව පොඩි කෑලි වලට කඩලා පෑන් එකට බටර් ටිකක් දාල මේ කඩාගත් චිකන් ටික දාන්න. ග්‍රේට් කර ගත් මොසරැල්ල චීස්, ක්‍රීම් චීස්, රස අනුව ලුනු ටිකක්, ගම්මිරිස්, තයිම්, පැප්රිකා සහ දෙහි යුෂ දාල කලවම් කරන්න. චිකන් දුම්ගහල හදල තියෙන නිසා වි.2 ක් විතර ලිපේ තියල උයාගත්තම ඇති.



- Wasana Mayadunne @rasarasoi

  

No comments:

Post a Comment