Total Pageviews

Sunday, July 2, 2017

Rainbow Egg Salad




දුටු සැනින් ඇස පිනායන පොඩි බබාලගේ උත්සව අවස්ථාවන්ට ගැලපෙ කෘතිම වර්ණක භාවිතයෙන් තොරව පෝෂණ ගුණයෙන් ඉහල රසවත් කෙටි කෑමක් හදමු.

These eggs are not only fun and colourful but also extremely healthy, as the colours for these eggs are made out of natural colour (e.g: vegetables) in lieu of artificial colours. Therefore, it grabs the children's attention with it's vibrant colours while also being good for their health.
[Please scroll down for the English recipe]


අවශ්‍ය ද්‍රව්‍ය

  • අවශ්‍ය  පමණ බිත්තර
  • බීට්රූට් තම්බාගත් වතුර
  • දම්ගෝවා තම්බාගත් වතුර
  • කහ කුඩු දිය කරගත් වතුර 
  • නිවිති කොල කීපයත්
  • ක්‍රීම්චීස්




සාදන ආකාරය

  • බිත්තර සලාදය ගෙදර පොඩි උත්සව අවස්ථාවලට මේ විදියට කෑම මේසය සරසගන්න පුංචි අදහසක් විතරයි මේක.
  • බිත්තර තම්බා පොතු අයින් කර දෙකට කපා කහමදය වෙනත් බාජනයකට දාන්න
  • බිත්තර පාට කිරීම සදහා
  • බීට්රූට් තම්බාගත් වතුර, දම්ගෝවා තම්බාගත් වතුර, කහ කුඩු දිය කරගත් වතුර සහ නිවිති කොල ග්‍රයින්ඩ් කර පෙරා ගත් වතුර වෙන් වශයෙන් බාජන 4 කට දාගන්න.
  • එයට දෙකට කපාගත් බිත්තර සුදු මද දමා විනාඩි 20 ක් හෝ අවශ්‍ය පමණට පාට වෙනතෙක් තියන්න.
  • (නිවිති එකේ පාට කොල පාටට තිබුණ.. ඒත් ෆොටෝවලට නිල්පැහැයට හුරු පැහැයක් තමයි පේන්නෙ)
  • බිත්තර කහ මද, ක්‍රීම්චීස්, ගම්මිරිස්, ලුනු සහ දෙහි යුෂ කලවම් කර ක්‍රීම් එකක් හදාගෙන පයිපින් බෑග් එකකට දාන්න.
  • සැලඩ් එකට අවශ්‍ය විදියට කැමති එළවලුවක් තෝරගෙන සැලඩ් දීසිය මුලින්ම සරස ගන්න.
  • මම ගත්තෙ පිපිඤ්ඤ සහ තක්කාලි විතරයි. පසුව පාටකර ගත් බිත්තර සුදු මද ඇතුලට ක්‍රීම් මිශ්‍රණය දමා කැමති විදියට තබා සැලඩ් දීසිය සරසා ගන්න.
Ingredients:

  • Boiled eggs – as much as you require
  • Boiled beet water [for the red colour]
  • Boiled and ground spinach juice [for the green colour]
  • Boiled and ground red cabbage juice [for the purple colour]
  • Some turmeric powder [for the yellow colour] [mix the turmeric powder with water]
  • Cream cheese



How to:

  • Remove the shells and yolks from the boiled eggs and cut them into halves. 
  • Put the boiled eggs in different water (depending on your colour preference for each)
  • Let it remain in the water till it gains the colour.
  • Mix the egg yolks, salt, pepper, cream cheese and lemon juice and pour it into a piping bag with a nozzle of your preference.
  • Squeeze the mixture into the boiled egg halves to decorate it however you like.
  • Enjoy!



- Wasana Mayadunne @rasarasoi


No comments:

Post a Comment