Total Pageviews

Sunday, July 2, 2017

Nyonya Curry Puff



බැලු බැල්මට සිප්පිකටුවක් වැනි ඉතාමත් ලස්සන සහ රසයෙන් ඉහළ හවස තේ පානයට කදිමට ගැලපෙන පේස්ට්‍රි හැඩයේ කෙටි කෑමක්.  ඒත් පේස්ට්‍රි හදන්න තරම් අමාරු නෑ වගේම වැඩි වෙලාවක් යන්නෙත් නෑ. මෙහි ඇතුළත පිරවුම සදහා පැණිරස හෝ මිරිස් තුනපහ රසැති  තමන් කැමති ඕනෑම පිරවුමක් දාන්න පුලුවන්.

[Please scroll down for the English recipe]




අවශ්‍ය ද්‍රව්‍ය 
  • මේකට පිටි ඩෝ දෙකක් තියෙනවා වෙන වෙනම දෙක හදාගන්න විදියට කියන්නම්.
  • පළමුවැනි පිටිඩෝ එක,
  • පිටි ග්‍රෑම් 200
  • ලුනු තේ හැදි 1/4
  • මාජිරින් හෝ බටර් මේස හැදි 1
    ඉහත සියල්ල එකට දමා වතුර ටික ටික එකතු කරමින් අතේ නොඇලෙන තරමට ඩෝ එක හදාගන්න. 

  • දෙවැනි පිටි ඩෝ එක
  • පිටි ග්‍රෑම් 100
බටර් හෝ මාජරින් ග්‍රෑම් 75
පිටි සහ බටර් එකට මිශ්‍ර කර ඩෝ එක හදාගන්න. වතුර දාන්න එපා. 







සාදන ආකාරය


දැන් පළමුවැනි පිටි ඩෝ එක තුනී කර දෙවැනි පිටිඩෝ එක මැදින් තියල එළියට එන්නෙ නැති වෙන්න කවර් කරන්න. 


කවර් කරගත් පිටි ඩෝ එක පිටි ඉස ගත් ලෑල්ලකට තුනී කරන්න.
මැද තියෙන පිටි ඩෝ එක එළියට නොඑන්න තුනී කරන්න ඕනෙ.



දැන් එක් කොනක සිට අනික් කොනට රෝල් කරන්න හරියට ස්විස් රෝල් කේක් එක රෝල් කරනව වගේ.

දැන් මේ රෝල් එක නැවත තුනී කර ආපසු රෝල් කරන්න. දෙවරක් රෝල් කරගත් පිටි රෝල තියුනු පිහියකින් පෙති කපන්න.


දැන් මේ පෙති තුනී කර මැදට පිරවුමක් දමා ගෑරුප්පුවක ආධාරයෙන් සීල් කර ගැඹුරු තෙලේ බදින්න.

මම මැදට දාන කරි එක හැදුවෙ බෝන්ලස් චිකන් සහ අල මිශ්‍රණයකින්.
පෑන් එකක් ලිපේ තියල තෙල් ටිකක් දාන්න. එය රත්වෙනකොට අබ,සූදුරු, තලාගත් සුදුලූනු සහ බී ලූනු දාන්න.
එය බැදෙනකොට පොඩියට කපාගත් චිකන් සහ අල දාල තෙම්පරාදු වෙන්න තියන්න. පසුව ගරම් මසාලා, රස අනුව ලුනු, කහ, කෑලි මිරිස්, ගම්මිරිස්, කො/මල්ලි කොල දාල මිශ්‍ර කරන්න.
තැම්බෙන්න අවශ්‍ය පමණ වතුර ටිකක් දාල හොදින් තම්බගන්න. සම්පූර්ණයෙන්ම තෙත ගතිය හිදෙන තුරු තැම්බිය යුතුයි. දියගතිය වැඩි වුණාම පේස්ට්‍රි එකෙන් පිටට තෙත ගතිය එනව.



Ingredients:
1st dough:

  • 400g Flour
  • 1 cup Water
  • 1/2 tsp. Salt
  • 2 Tbsp. Butter
2nd dough :

  • 200g Flour
  • 150g Butter


  • Pastry: Knead water dough and oil dough separately, forming 2 dough balls, let it rest for 10 minutes..
  • Wrap oil dough with water dough, flatten with rolling pin and roll up.
  • Turn dough, flatten again and roll up. Put aside 10 minutes.
  • Cut the dough into 1cm thick pastry. Roll the pastry flat and fill in with the fillings prepared. Seal it by pinching the edges and fold it.
  • Deep fry in hot oil till brown and crispy.
  • Enjoy your Nyonya chicken curry puff!




    Filling:
    • 300g Chicken breast meat (chopped into small pieces)
    • 300g Potatoes (Steam till soft)
    • 1 Onion (Chopped)
    • 2 Tbsp. Curry Powder
    • 1/2 cup water
    • Salt to taste

    How to:

    • Chop potatoes to cube shape, and steam it until it's soft.
    • Filling: Heat some oil and fry garlic and onion till soft. Add Chicken and curry powder and fry till fragrant. Add potatoes and remaining ingredients and cook till thick. Leave aside.



    English recipe credit:  Joseph Fraude
    - Wasana Mayadunne @rasarasoi

    No comments:

    Post a Comment